දේශපාලන අර්බුදය ආර්ථිකයත් ගිලගනී
ගෙවුණු සතියේ රටේ ඇතිවූ දේශපාලන අර්බුදකාරී තත්ත්වයත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ හා අනෙකුත් භාණ්ඩ බොහෝමයක අලෙවිය ශීඝ්‍රලෙස පහත වැටීම නිසා ව්‍යාපාරිකයින් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව වාර්තා වේ.
භාණ්ඩ නොවිකිණෙන තත්ත්වයක්
එළැඹෙන දෙසැම්බරයේ හා ජනවාරි මාසයේ උත්සව සමයක් එළැඹෙන නිසා අත්‍යවශ්‍ය ආහාර තොග රැස් කිරීම වෙනත් වර්ෂවල මේ කාලයට සිදුවන නමුත් මෙවර එම තත්ත්වයක් දක්නට නොලැබෙන බව හතරවැනි හරස්වීදියේ තොග වෙළෙඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමිත ප්‍රනාන්දු පැවැසීය. ගෙවුණු සතියේ අත්‍යවශ්‍ය ආහාර අලෙවිය සියයට 40% දක්වා අඩුවීම නිසා ආනයනය කළ බඩු ගැනුම් මිලට වඩා ඉතා අඩු මිලකට අලෙවි කිරීමට සිදුවූ බව ඒ මහතා පැවැසීය. රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය, අනපේක්ෂිතභාවය, උද්ඝෝෂණ ආදිය නිසා දුර බැහැරින් භාණ්ඩ රැගෙන යාමට පැමිණෙන වෙළෙඳුන්ගේ ශීඝ්‍ර අඩුවීමක් ඇති බව එම මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ලීබඩු, රෙදිපිළි, රන්ආභරණ ආදිය සම්බන්ධයෙන්ද එවැනි තත්ත්වයන් පවතින බව මොරටුව, කොටුව, මල්වත්තපාර සහ හෙට්ටිවීදියේ ව්‍යාපාරිකයෝ අරුණට පැවසූහ.
මේ අතර නොවැම්බර් මාසයේ ආරම්භයේ සිට ඇතිවූ දේශපාලන අස්ථාවරභාවය නිසා සිය සංගමයට සම්බන්ධ ව්‍යාපාරිකයන්ට අයත් කිසිදු වාහනයක් අලෙවි නොවූ බව ලංකා වාහන හිමියන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරිංචිගේ පවසයි.