අවුරුද්දට මව්රට එන්නන් ගැන අවධානය
කෝවිඩ් -19 වෛරසය වසංගත තත්ත්වයක් බටව පත්වීමේ අවධානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කිරීමත් සමග ඊට මුහුණදීම සඳහා සූදානම් වන බව මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට විශේෂ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී ඊයේ (25 වැනිදා) රාත්‍රි පැවැත්විණි.
ඉතාලියේ සහ කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් එම රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී.
කෝවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වී ඇති රටවලින් මෙරටට පැමිණෙන නෞකාවල සිටින අයට ලබාදෙන දින දෙකක වීසා කාලය අත්හිටුවීම කෙරෙහිද සාකච්ඡා කර තිබේ.
මෙම නිර්දේශ සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිට අද (26 වැනිදා) ලබාදීමට නියමිතව ඇත.
උදයජීව ඒකනායක
