උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබදව වැඩි අවධානයක් යොමු කරන්න – කාලගුණය
වයඹ, බස්නාහිර පළාත් වලට සහ මන්නාරම, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැඩි අවධානය යොමු කළ යුතු උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතියි යැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ මිනිස් සිරුරට දැනෙන උණුසුම පිළිබදව වැඩි අවධානයක් යොමු කරන ලෙසයි.

ඉහත උණුසුම් දර්ශකය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ මගින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයයන් යොදා ගනිමින් හෙට දිනය සදහා ගණනය කර ඇති දර්ශකයක් වන අතර මෙය ශරීරයට දැනෙන තත්ත්වයකි.
එම දර්ශකය අනුව මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම ඉහත වගුවේ දක්වා ඇත.
මෙය සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහයෝගය සහ උපදෙස් අනුව සකසා ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වෙයි.
වැඩ බිම් තුළ : ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්න.
නිවෙස් තුළ : වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබදව සැලකිලිමත් වෙන්න.
වාහන තුළ : කුඩා ළමුන් වාහන තුළ තනියම රදවා නොයන්න.
එළිමහනේ : අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන්න. සෙවණ ඇති ස්ථානවල රැදෙන්න. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.
ඇදුම් : සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් භාවිතා කරන්න.
