පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් පත් කිරීම අද
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂ නියෝජිතයින් පත් කිරීම අද (19) දිනය තුළ සිදුකරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
ඔහු ඒ බව සඳහන් කළේ ඊයේ (19) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවැති හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ජනාධිපති නිල නිවසේ පැවැති මෙම සාකච්ඡාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ද සහභාගි වී සිටියා.
මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් පක්ෂ ද, තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් නම් කිරීමෙන් පසු තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.
කථානායකවරාය විසින් එම කාරක සභාව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරනු ඇති බවයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
පාර්ලිමේන්තුව සැසිවාරය ආරම්භ වන මිළග දිනය වන ලබන 23 වැනි සිකුරාදා එම කාරක සභාව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිත බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
කථානායකතුමාගේ සභාපතිත්වයෙන් සෙසු සමාජිකයින් 12 දෙනෙකු සහිතව පත්කරන මෙම කාරක සභාව මගින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා 12 ක පත්කිරීම් සිදුකෙරෙනු ඇති.