News

ගුරුවරු ලෙඩ නිසා පාසල් බස් රථත් ලෙඩ වෙලා

ඊයේ දිනයේ ගුරුවරු ලෙඩ නිවාඩු දැමිම හේතු කොට ගෙන පාසල් සිසුන් ප්‍රවාහනය කරන පාසැල් සේවා පෞද්ගලික බස් රථ ඊයේ ලෙඩ වු බව කෑගල්ල පාසැල් වල   දෙමාපියන් ගෙන් අසන්නට ලැබිණි.

බාලිකා මහ විදුහලට පැමිණෙන සිසුවියකුගේ දෙමව්පියකු පැවසුවේ අද දිනයේ පාසල් බස් රථ නොපැමිණි බවත්  තමන්  සිසුවිය සමග පාසලට පැමිණි පාසැල් නිමා වෙන වේලාව එනතුරු සිටන බවය.

දෙමාපියන් පවසන්නේ ලඊයේ දිනයේ තමන්ගේ රැකියාවට නොයා දරුවන් පාසල් ගෙන ඒමට සිදු බවයි. ගුරුවරු ලෙඩ නිවාඩු දැමුවත් තමන්ගේ දරුවන් ට ඉගැන්විම පලමු කොට සලකන බැවින් පාසලේ ඉගෙනීම් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් තමන් දරුවන් පාසලට රැගෙන ආ බවයි.

වෙනදා පාසලට අසල බස් රථ නවතා තිබුනත් අද එක් බස් රථයක් හෝ පෙනෙන්නට නෙමැති බව දෙමාපියන් පැවසීය.

දෙමාපියන් තවදුරටත් පැවසුයේ ලඅපේ පාසැල් දරුවන් සදහා ප්‍රවාහන පහසුකම් සපයන බස් රථ ධාවනය නොවිමෙන් තමන් දැඩි අපහසුතාවයට පත් වු බව දෙමාපියන් පවසයි.

ඔවුන් මෙයට පෙරද කිහිප අවස්ථාවකම මෙසේ කර ඇති බවත් මේ ගැටලුව කියන්නට බලධාරියෙක් නොමැති බවයග දෙමාපියන් තවදුරටත් කියා සිටියේ ගුරුවරු ලෙඩ නිවාඩු දැමිම හේතුවෙන් පාසැල් බස් රථ සේවා ලෙඩ වි ඇති බවත් දරුවා පාසල් රැගෙන ඒමට තමන්ටද ලෙඩ නිවාඩු දමන්නට සිදුවුබවත්ය.

 

රුවන් වර්ණසූරිය – රඹුක්කන