නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව අවලංගු කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ ස්ථාන මාරුව අවලංගු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබාදුන් මෙම ස්ථාන මාරුව පොලිස්පතිවරයා විසින්ම අවලංගු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම ස්ථාන මාරුව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට දැනුම්දී තිබෙනවා.
පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා විසින් රට තුළ සිදුවූ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යෑම හා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකළ දරුණු අපරාධ කිහිපයක්ම විමර්ශනය කරමින් සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන එනු ලැබුවා.