News

කෝටි 08 ක දඹ රන් පිළිමයක් සමග සැකකරුවකු අත්අඩංගුවට

රුපියල් කෝටි 08 කට දඹරන් පිළිමයක් විකිණීමට තැත්කළ සැකකරුවෙකු කොළඹ කොටුව බස් නැවතුම්පොල අසලදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිඛේ.

අගල් 18 ක් උස කිලෝ ග්‍රෑම් 11 යි ග්‍රෑම් 805 යි බරැති දඹරන් හිටිපිළිම වහන්සේ නමක් සහ අගල් දෙකක් උස ග්‍රෑම් 152 ක් බර කහපැහැති හිදි පිළිම වහන්සේ නමක් සැකකරුවකු සතුව තිබි පොලිස් භාරයට ගෙන තිඛේ.

ප්‍රශ්න කිරිම් වලදී සැකකරු විසින් අනාවරණ කර ඇත්තේ නිධානයකින් මෙම පිළිම වහන්සේලා ලබා ගත් බවයි.

සැකකරු 40 හැවිරිදි ඩෝසර්වාඩිය මොණරාගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ටාශයේ පොලිස් අධිකාරි නන්දන විසින් සිදුකරයි.

 

හේමන්ත ලියනපතිරණ