අමාත්‍යාංශ සල්ලි කතිර ගස්සවන්න වියදම් කළාට රිෂාඩ්ට එරෙහි විමර්ශනයක්
ජනාධිපතිවරණය දා පුත්තලමේ සිට සිලාවතුර දක්වා තම අනුගාමිකයන් ලංගම බස් රථවලින් රැගෙන ගොස් ඡන්දය දම්මවා තම අමාත්‍යාංශයේ මුදල්වලින් රුපියල් අනූපන්ලක්ෂ විසිපන්දාහක් ගෙවීමේ චෝදනාව සම්බන්ධව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.
ලංගම බස් රථ දෙසීය විසි දෙකක් යොදාගෙන ජනාධිපතිවරණය දා තම අනුගාමිකයන් ඡන්දය දැමීමට රැගෙන ගිය බවට හිටපු ඇමැති රිෂාඩ් බදියුද්දීන් කටයුතු කළ බවට චෝදනා එල්ල විය.
ජනාධිපතිවරණයෙන් පසුව මේ සම්බන්ධව අක්මීමන දයාරතන හිමියන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණද ඒ ගැන විමර්ශන සිදු නොවීය.
රාජ්‍ය දේපොළ අවභාවිත කිරීමේ චෝදනාවට හිටපු ඇමැතිවරයාට එරෙහි විමර්ශන ඇරඹී ඇත.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
