News

කෙළඹ සත්‍යග්‍රහයේ නිරත වු අන්තරේ 21 ක් අත්අඩංගුවට

කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වු අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ඇතුලු සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.

අධිකරණ නියෝග උල්ලංගනය කිරිම මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කලේ.

මහජනතාවට පිඩාවන පරිදි කටයුතු කිරිම හේතුවෙන් පොලිසිය ඔවුන්ට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුනා. කෙසේවෙතත් අවස්ථා කිහිපයකදී පොලිසියේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් අදාල සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට ගොස් එය නතර කරන ලෙස දැනුම් දුන්නට විශ්ව විද්‍යාල සිසුන් එම ස්ථානයෙන් ඉවත්ව ගියේ නැහැ.