News

කෝවිඩ්-19 රටවල් 53ක් වෙළාගනී

ඇන්ටාක්ටිකාව හැරුණු කොට ලොව අනෙකුත් මහද්වීප සියල්ල පුරා පැතිර ඇති මාරාන්තික කෝවිඩ් – 19 වෛරසයේ ​ගෝලීය ව්‍යාප්තිය හා බලපෑම පිළිබඳ අනතුරු හැඟවීම ඉහළ (High) සිට ‘ඉතා ඉහළ’ (Very High) මට්ටම දක්වා ඉහළ දැමීමට ​ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත.

වෛරසය ඊයේ (1 වැනිදා) දිනය වනවිට ලොව රටවල් 53 ක පැතිර තිබිණි.

පසුගිය සිකුරාදා දිනයේ ජපානයේ ටෝකියෝ හි නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතිකයකු වෛසරය හේතුවෙන් මියගිය බව වාර්තා කෙරුණු අතර පෙරේදා (29 වැනිදා) දිනයේදී ඇමෙරිකාව තම පළමු කොරෝනා රෝගියා මියගිය පුවත වාර්තා කර තිබිණි. බ්‍රසීලයට අමතරව වෛසරයට ගොදුරු වූ දෙවන ලතින් ඇමෙරිකානු රට ලෙස මෙක්සිකෝව ඊයේ (1 වැනිදා) දිනයේ ආසාදිත රටවල් ලැයිස්තුවට එක්විය. මෙක්සිකෝවට අමතරව නයිජීරියාව, එස්පෝනියාව, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ ලිතුවේනියාවද ඊයේ (1 වැනිදා) දිනයේ සිය පළමු කෝවිඩ් – 19 රෝගියා වාර්තා කළේය.

ඊයේ (1 වැනිදා) දිනය වන විට ලොව පුරා කෝවිඩ් – 19 ආසාදිතයන් 8,61,983 වාර්තා වී තිබුණු අතර ඉන් මරණයට පත්වූ සංඛ්‍යාව 2978 කි. චීනය හැරුණු විට මේ වනවිට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දකුණු කොරියාවෙනි. එය 3526 කි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 17 කි. මේ අතර ඉතාලියේ ආසාදිතයන් සංඛ්‍යාව 1128 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 29 කි.

මේ අතර කෝවිඩ් – 19 ​වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා මෙරට නම් කළ රෝහල් 15 න් රෝහල් 6 ක මේ වනවිට සැක සහිත රෝගීන් 16 දෙනකු ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් පස්දෙනකු (5), කුරුණෑගල ශික්ෂණ රෝහලේ තිදෙනකු (3), මීගමුව දිස්ත්‍රික් මූලික රෝහලේ සිව්දෙනකු (4), සහ රත්නපුර ශික්ෂණ රෝහලේ දෙදෙනකු (2) ද ප්‍රතිකාර ලබන බව පැවැසේ. එමෙන්ම කරාපිටිය ශික්ෂණ රෝහලේ

නයන තරංග ගමගේ/චාමර පල්ලේගෙදර