News

එජාපය මැතිවරණයට අලියා ලකුණින් පමණයි – රවී

එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී අලියා ලකුණ යටතේ තරග කිරිමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රවී කරුණානායක මහතා මේ බව පැවසිය.

අලියා ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරග කිරිමට පක්ෂයේ සියයට 90 කගේ පමණ කැමැත්ත ලැබී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව මහ මැතිවරණයට අදාල නාම යෝජනා සකස් කිරිමේ කටයුතු මේ වන විට සකස් කෙරෙමින් පවතින බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කළේය