News

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හෙට මැතිවරණ කොමිෂන් සභාවට

ඉදිරි මැතිවරණ කටයුතු ගැන සාකච්ඡා කිරීමට සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීහු ද සහකාර හා නියෝජ්‍ය කොමසාරිස්වරු ද හෙට (05) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ.

මෙහිදී ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම, ජන්ද මධ්‍යස්ථානවලට ආරක්ෂාව සැලසීම, නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම, පක්ෂ කාර්යාල පිහිටුවීම, ඡන්ද රාජකාරී සඳහා නිලධාරීන් යෙදවීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් ‍සාකච්ඡා කිරීමට නියමිතය.

මහ මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වෙන අතර මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම මෙම මස 12 වැනිදා සිට 19 වැනිදා දක්වා සිදුකෙරේ.