News

උසස්වීම් /පත්වීම් සහ මාරු කිරිම් ගැන පැෆරල් ජනපති ලේකම්ට ලියයි

මැතිවරණ කාලය තුල රාජ්‍ය නිලධාරින්ට මාරුවීම් සහ උසස්වීම් ලබා දීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිඛේ.

මේ වන විට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම වී තිබියදීත් පත්වීම් මාරුවීම් හෝ උසස්වීම් ලබා දීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වන බවයි එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.

කලුතර / අනුරාධපුර / කුරුණෑගල / පොළොන්නරුව යන ප්‍රදේශවල මැතිවරණ කටයුතුවලට සම්බන්ධ විවිධ කේෂ්ත්‍රවල නිලධාරීන් මාරු කර ඇති බව වාර්තා වී ඇති බව ද පැෆරල් සංවිධානය ජනාධිපති ලේකම්වරයාට අවධානයට යොමු කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පිරිසක් ද ස්ථාන මාරු කර ඇති බව මෙම ලිපිය මගින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිඛේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මැතිවරණ කටයුතුවලට ඍජු ලෙස සම්බන්ධ වන නිලධාරීන් පත්කිරිම / මාරු කිරිම මැතිවරණය පිළිබද ජනතාවගේ ඇති විස්වාසය බිඳවැටීමට බරපතල බලපෑමක් වන බැවින් මේ පිළිබද වැඩි අවධානයක් යොමු කරන ලෙස පැෆරල් සංවිධනය ජනාධිපතිව ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

අදාල මාරුවීම් වැළැක්වීම සඳහා අදාල අංශ වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස ද පැෆරල් සංවිධානය ඉල්ලීමක් කර තිඛේ.