උපාධිධාරීන්ට පත්වීම් දෙන්න මැතිවරණ කොමිසමෙන් අවසර පතයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර සූදානම් කර ගත් වැඩසටහනක් වන රැකියාලාභී උපාධිධාරීන්ට පත්වීම් ලිපි ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් ඊයේ (4 වැනිදා) ඉල්ලීමක් කර ඇත.
රාජ්‍ය පරිපාලන ලේකම්ගෙන් මැ.කො. සභාපතිට ලිපියක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් ලේකම්වරයා මෙම ඉල්ලීම කර ඇත. කෙසේ වෙතත් මෙම වැඩසටහන මැතිවරණයට බාධාවක් වේ යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති උපකල්පනය කරන්නේ නම් ඔහුගේ ඕනෑම තීරණයකට තමන් එකඟ වන බවද එම ලිපිය මගින් දන්වා තිබේ. වසරක පුහුණු කාලයක් සඳහා රජය විසින් තෝරාගත් උපාධිධාරීන් 54,585 බඳවා ගැනිීම් වැඩපිළිවෙළ මැයි මාසයෙන් පසු ක්‍රියාත්මක කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට සහ ඊයේ (4 වැනිදා) දැනුම් දී තිබිණි.
චාමර පල්ලේගෙදර
