News

ඡන්දය දමන්න නොහැකි යැයි බියක් තිබේ නම් කළ යුතු දේ මෙන්න

ඡන්දපොළ පිහිටි ප්‍රදේශයේ පවතින යම් තත්ත්වයක් හේතුවෙන් යම් ඡන්ද දායකයකුට සිය ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇත්නම්, එම ඡන්ද දායකයාට වෙනත් ඡන්දපොළක් ඉල්ලා සිටීමට හැකි බවට මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් පෙරේදා (03 වැනිදා) රාත්‍රි නිකුත් කර ඇත.

මේ සඳහා අයදුම්පත් දිස්ත්‍රික් තේරීම්භාර කාර්යාලවලින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සහ ග්‍රාම නිලධාරි කාර්යාලවලින්ද ලබාගත හැකිය.

ග්‍රාම නිලධාරි සහතික නොමැති අයැදුම්පත් ප්‍රතික්ෂේප කරන බව එම ගැසට් නිවේදනයේ සඳහන්වේ.

අදාළ අයදුම්පත් මේ මස 02 වැනිදා සිට දින හතක් ඇතුළතදී මැතිවරණ කොමසාරිස් ජනරාල්, මැතිවරණ මහලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය යන ලිපිනයට එවිය යුතුය.

 

සාලිය කුමාර ගුණසේකර