කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකික කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට
නව කොරෝනා වෛරසය ආසාදනය වූ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බවට තොරතුරු වාර්තා වේ.
මේ වන විට ඇය ඉතාලියේ බ්‍රේෂියා හි රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරයි.
ඉතාලියේ මේ වන විට කොරෝනා වෛරසය ආසාදානය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3000 ඉක්මවා ඇති අතර, සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 107ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීනයෙන් පිටත මෙම වෛරසයට වැඩි වශයෙන් මුහුණ දී ඇත්තේ ඉතාලිය බවට ද තොරතුරු වාර්තා වේ.
