පර්ල් කේ. වීරසිංහ වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
දේශපාලන පළිගැනීම් පිළිබදව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් පර්ල් කේ වීරසිංහ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (06) වරෙන්තු නිකුත් කර තිබේ.
ඒ අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබුණත් ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.
ඇය අධිකරණයට නොපැමිණෙන බවට දැනුම්දීමක් හෝ නොකිරිම හේතුවෙන් අධිකරණ ක්‍රියාවලිය ඈල්ලුවට ලක් කළ බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඇය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළාය.
නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු පුද්ගලයින් 7දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවට දේශපාලන පළි ගැනීම් පිළිබද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඊට අදාළ ලිපිගොනු පිළිබද කරුණු දැක්වීම සදහා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ජනාධිපති කොමිසමේ ලේකම්වරියට නොතීසි නිකුත් කර තිබුණි.
