News

රවී ඇතුලු 10 ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු

පසුගිය යහපාලන රජය සමයේ සිදුවු බව කියන ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහතා ඇතුලු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිඛේ.

වරෙන්තු ලැබු සැකකරුවන් අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහත්වරුන් ද වනවා.

කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතායි නියෝගය ලබා දුන්නේ. 2016 වසරේ මාර්තු මාසයේ සිදුකළ බව කියන මහ බංකු බැදුම්කර ගණුදෙනුවේදී සිදුවු අක්‍රමකතාවන්ට අදාලව රවී කරුණානායක මහතා ඇතුලු 12 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණා.

කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ අද නඩුව කැඳවු අවස්ථාවේදී අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් පවතින කරුණු පිළිබද ප්‍රශ්නාවලියක්ද නීතිපතිවරයාට ඉදිරිපත් කර තිබුණා.