News

දිවයිනේ තැන් කීපයකට හවසට වැසි

මධ්‍යම,වයඹ සහ සබරගමු පළාත්වලත් අනුරාධපුරය ,වව්නියාව,මන්නාර්ම සහ මුලතිව් දිස්ත්‍රික්කවලත්,විශේෂයෙන් ප.ව.2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමු පළාත්වලත් නුවර එළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.