Facebook නිසා කාන්තාවන් දවල්ට වංචනිකයන්ට හසුවීම වැඩිවෙලා
නිවසේ සිටින ගෘහණියන් දිවා කාලයේ අන්තර්ජාලයේ සහ මුහුණු පොතේ සැරිසැරීම හේතුවෙන් වංචාකාරී පුද්ගලයන්ට ගොදුරු වීම පිළිබඳ ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
විදුලි සංදේශ කොමිෂන් සභාවට මෙතෙක් ලැබී ඇති පැමිණිලිවලින් සියයට 50ක් පමණ එවැනි පැමිණිලි වේ. ගෘහණියන් සිය ඡායාරූප වංචාකාරී පුද්ගලයන්ට වට්ස්ඇප් සහ මුහුණු පොත ඔස්සේ යොමු කිරීම නිසා මුදල් ඉල්ලීම හා අයුතු බලපෑම් කිරීම්ද වැඩිවී තිබේ.
මුහුණු පොත ඔස්සේ හඳුනා ගන්නා ලද නව මිතුරන්ට කාන්තාවන් පෞද්ගලික ඡායාරූප යොමු කිරීම නිසා කරදරවලට පත්වීම් පිළිබඳ පැමිණිලි සියයට 30ක් පමණ ලැබී තිබේ.
කාන්තාවන්ගෙන් බහුතරය සිය ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට පිවිසෙන අතර එය සියයට 98ක් ලෙස ගණනය කර තිබේ. එම නිසා මුහුණු පොතේ නොදන්නා මිතුරන් සමග කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියි. තවද නිවසේ පැවැත්වෙන ප්‍රිය සම්භාෂණ. විනෝද චාරිකා ඇතුළු සිය පෞද්ගලික උත්සවවල ඡායාරූප මුහුණු පොතට ඇතුළත් කිරීමෙන්ද වැළකිය යුතු බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කර සිටියි.
උදයජීව ඒකනායක
