පොලිස් උසස්වීම්වලදී පොලිස් සහායක සේවා 4000ක් පහතට වැටිලා
වසර දහයකට වඩා එකම තනතුරේ සිටින පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට රජය ගත් තීරණයට පොලිස් සහායක සේවා නිලධාරීන් ඇතුළත් නොකිරීම නිසා හාරදහසකට වැඩි එම නිලධාරීන් දැඩි කලකිරීමට පත්ව සිටියි.
පොලිස් කොස්තාපල් සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරුවලට අයත් නිලධාරීන් සිටින අතර ඇතැම් පොලිස් කොස්තාපල්, පොලිස් සැරයන්, උප පොලිස් පරීක්ෂක තනතුරුවල නිලධාරීන් වසර විස්සකට ආසන්න කාලයක් එකම තනතුරේ සිටින බව වාර්තා වේ.
පරිගණක අංශ ක්‍රියාකරුවන්, පොලිස් තූර්ය වාදක කණ්ඩායම, පොලිස් සංස්කෘත කණ්ඩායම, පොලිස් රෝහලේ සේවය කරන නිලධාරින්, පොලිස් මුළුතැන්ගෙයිවල සේවය කරන නිලධාරීන්, ඉලෙක්ට්‍රොනික්, විදුලි කාර්මික. වැඩ සැලසුම් ශිල්පීන් ලෙස කටයුතු කරන නිලධාරීන් පොලිස් සහායක සේවා ගණයට අයත් වේ.
මෙම නිලධාරීන් සිය රාජකාරියට අමතරව විශේෂ රාජකාරි, මැතිවරණ රාජකාරි ආදී සියලුම කටයුතුවලටද සම්බන්ධව කටයුතු කරයි.
කෙසේ වෙතත් 2010 මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ සුදුසුකම් සම්පූර්ණ කළ උප පොලිස් පරීක්ෂක තනතුරේ සිටි නිලධාරීන්ට පොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම් ලැබිණි.
චමින්ද සේනාරත්න
