News

පොහොට්ටුවේ අපේක්ෂකයන් ගැන තීන්දුව 10දා

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් එළැඹෙන මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා ලබන 10 දිනදී එම සන්ධානයට සම්බන්ධ පක්ෂවල නායකයන්ගේ රැස්වී‍මේදී තීරණය කරන බව සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂ පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයන් කවුරුන්ද, අපේක්ෂකත්වය ලබා නොදෙන අය හෝ පාර්ශ්වයන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවද සඳහන් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, භික්ෂූන් වහන්සේලා, නළු නිළියන් හෝ ක්‍රීඩකයන් ආදී කිසිදු පාර්ශ්වයකට නාම යෝජනා ලබාදීමට හෝ නොදීමට මේ වනතෙක් තීරණයක් ගෙන නොමැත. ඒ අනුව පක්ෂ නායකයන් රැස්වී ගන්නා තීන්දු, තීරණ අනුව අපේක්ෂකයන් තෝරා ගැනීමට කටයුතු කරන බව ලේකම්වරයා පැවසීය.

චමින්ද සේනාරත්න