කොරෝනා කොරියා – ලංකා සෘජු ගුවන් ගමන් නවතයි
කොරියාවේ කොරෝනා රෝගය ව්‍යාප්ත වීමත් සමග එරට සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ආපසු පැමිණීම වැළැක්වීම සඳහා එරට සිට මෙරට පැමිණෙන සෘජු ගුවන් ගමන් නතර කර දැමීමට එරට බලධාරීන් කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව කොරියාවේ සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමනක් ලෙස කටයුතු කළ සිංගප්පූරු එයාර්ලයින්, කැතේ පැසිපික් යන ගුවන් සමාගම්වල ගුවන්යානා පසුගිය 03 දින සිට ගුවන් ගමන් නතර කර ඇත.
ඊට අමතරව කොරියන් එයාර්ලයින් සමාගමද ලබන 18 වැනි දින සිට සිය ගුවන් ගමන් නතර කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මේ වනවිට ඒ දක්වා සියලුම ආසන වෙන්කරගෙන ඇති නිසා එරට සිටින ශ්‍රමිකයන්ට පැමිණීමට දැඩි ගැටලුවක්ව ඇත.
ශ්‍රී ලාංකිකයන්ට සිංගප්පූරුව හරහා පැමිණීමට තිබූ පහසුකමද නතර වී ඇත්තේ සිංගප්පූරුවට කොරියාවේ සිට පැමිණෙන මගීන් ඇතුළු වීම තහනම් කර ඇති හෙයිනි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කොරියන් තානාපති ආචාර්ය රාථ වෙන්සිස් ගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ එම ගුවන් සමාගම් ලාභ උපයන ආයතන බැවින් එරට සිට ශ්‍රී ලංකාවට පැමිණි පසු නැවත කොරියාවට යෑමට මගීන් නොමැති නිසා එම යානා නතර කර ඇති බවයි.
එහෙත් කොරියාවේ සිට ඕනෑම අයකුට ජපානය ඔස්සේ තායිලන්තයට ගොස් ශ්‍රී ලංකාවට ගිය හැකි බව ඔහු සඳහන් කළේය.
චමින්ද සේනාරත්න
