කොරෝනා නිසා දිනකදී ඉතාලියේ මරණ 133
නව කොරෝනා වෛරසයෙන් ගතවූ පැය 24 තුළදී ඉතාලියේ පුද්ගල මරණ 133ක් වාර්ථා වෙයි.
ඒ අනුව නව කොරෝනා වෛරසයෙන් ඉතාලියේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 366 දක්වා ඉහළ ගොස් තිබේ.
ගතවූ පැය 24 තුළ නව ආසාදිතයින් 1492 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ නව කොරෝනා වෛරසයේ ඉහළ ව්‍යාප්තියක් පෙන්නුම් කරන ඉතාලියේ සමස්ත ආසාදිතයින් ගණන 7375 දක්වා ඉහළ ගොස් තිබේ.
අද වනවිට ලොව පුරා රටවල් 97ක කොරෝනා වෛරසය පැතිරී ඇති අතර මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන එක්ලක්ෂ නවදහස ඉක්මවා තිබේ.
සමස්ත මරණ ගණන 3800කි.
පුද්ගලයන් හැටදහසකට වැඩි පිරිසක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
