දිසා පහක පානීය ජල ගැටලු
දිවයිනේ දිස්ත්රික්ක පහකට නිසි පරිදි පානීය ජලය ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය අනතුරු අඟවයි.
කොළඹ, කළුතර, ගම්පහ, කෑගල්ල, මොනරාගල යන දිස්ත්රික්කවල පානීය ජලය ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.
දැඩි නියඟය හේතුවෙන් ජල මූලාශ්රවල ජලය සිඳී යාම මීට හේතුව බව එම මණ්ඩලය සඳහන් කරයි.
මෙම දිස්ත්රික්කවල ඇතැම් ප්රදේශවලට ඊයේ (08 වැනිදා) පානීය ජලය බෙදාහැරීම අත්හිටුවීමට පවා සිදුව ඇත.
එම ප්රදේශවලට බවුසර් මගින් පානීය ජලය බෙදා දී තිබේ.
මෙම දිස්ත්රික්කවල ජනතාවට අරපිරිමැස්මෙන් පානීය ජලය භාවිත කරන ලෙසද එම මණ්ඩලය ඉල්ලා සිටියි.
උදයජීව ඒකනායක
