සජිත් 20 වැනි මහනුවරින් වැඩ අරඹයි
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික සමගි ජනබලවේගයේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු ලබන 20 වැනිදා සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
ජාතික සමගි ජනබලවේගයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ 20 වැනිදා පස්වරු 2.00ට මහනුවර ප්‍රදේශයෙන් මැතිවරණ කටයුතු ආරම්භ කරන බවයි.
එදින සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී දළඳා මාලිගාවට ගොස් ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මත්වතු අස්ගිරි මහානාහිමිවරුන්ද බැහැදැක ඡන්ද ව්‍යාපාරයට සහභාගිවීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
