News

දින පහක ගුරු වැඩ වැරුම තුනට බහී

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම මස 16 වැනිදා සිට සැලසුම් කළ දින පහක වැඩ වර්ජනය දින තුනක් දක්වා අඩු කිරීමට ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් එකමුතුව තීරණය කර ඇත.

ලබන 19 වැනිදා මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමේ කටයුතු සිදුවන හෙයින් මෙම තීරණය ගත් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොශප් ස්ටාලින් ‘අරුණ’ ට ඊයේ (9 වැනිදා) පැවැසීය.

එදිනට පාසල් කිහිපයකට නිවාඩු ලබාදෙන බවත් එහෙයින් 16, 17 හා 18 යන දිනවලදී පමණක් වර්ජනය පැවැත්වෙන බවත් හෙතෙම කීවේය.

වසර විස්සකට අධික කාලයක් තිස්සේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම, දළ ජාතික නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට වෙන් කෙරෙන ප්‍රතිශතය සියයට හය දක්වා ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් හයක් මෙම වෘත්තීය සමිති ආණ්ඩුවට ඉදිරිපත් කර ඇත.

 

අශීකා ජයවීර