අල ලොරියේ තිබී හෙරොයින් කිලෝ 100 ක් අත්අඩංගුවට
පාකිස්තානයේ සිට අල ගෙන්වන මුවාවෙන් අල ගෝනි අස්සේ අලගෙඩි ආකාරයට සකසා මෙරටට ගෙන්වු හෙරෝයින් කිලෝ සියයකට ආසන්න ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාන්ශයේ නිලධාරීයකුට ලද තොරතුරක් මත අද පස්වරුවේ අල්ලා ගෙන ඇත .
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාන්ශය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් එක්ව මෙම වැටලිම කර ඇත .
කොළඹ වරායෙන් මුදාගෙන වෙන්නප්පුව බලා ගෙන යද්දී ලද තොරතුරක් මත මිගමුව කොච්චිකඩේ ක්රිඩාංගනයක් අසලදී මෙම කුඩු තොගය අල්ලා ගෙන ඇත ..
පසුගිය සමයේ ආන්දෝලනයකට ලක්වු කැබ්නට් අමාතයවරයකුට අයත් කන්ටේනර් ලොරියකින් මෙය ප්‍රවාහනය කර ඇති අතර මෙම කුඩු ප්‍රවාහනය කල ලොරිය වරාය අසලින් සොයා ගෙන ඇතැයි ඇල්ලු රියදුරුගෙන් ප්‍රශ්න කිරිමේදී පවසා ඇත .මේ වනවිටත් පරික්ශා කිරිම් සිදුවෙයි .
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
