අනිසි බියක් එපා – යුධ හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැතිර යන කටකතා සහ අසත්‍ය ප්‍රචාරවලට අනිසි බියක් ඇති කර නොගන්නැයි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිඛේ.
ඊයේ රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් යුධ හමුදාපතිවරයා මේ බව පැවසීය
විශාල වශයෙන් පුද්ගලයින් විසින් භාණ්ඩ මිලදී ගැනීමෙදී අදාළ සුපිරි වෙළඳ සැල් සහ සාමන්‍ය වෙළඳ සැලවල්වල භාණ්ඩ අවසන් වන බවත් එවිට රට තුළ භණ්ඩ හිඟයක් ඇතිවන බවට සිතෙන බව හමුදාපතිවරයා සඳහන් කළේය.
මෙයින් පෙනී යන්නේ රටේ මහජනතාව අනවශ්‍ය තැති ගැන්වීමට ලක්ව වී ඇති බවත් මේ පළිබඳ ජනධිපතිවරයා විසින් මහජනතාවට දැනුම් දෙන ලෙසත් තමාගෙන් ඉල්ලා සිටි බව හමුදාපතිවරයා පැවසීය.
