තවත් පුද්ගලයින් 3 කට කොරෝනා ආසාදනය වෙයි
කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් අලුතින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර තිඛේ.
ඔවුන්ගෙන් එක් අයෙකු වයස අවුරුදු 41 ක් වන මෑතකදී ජර්මනියේ සංචාරය කර පැමිණි පිරිමි පුද්ගලයෙකු වන අතර දැනට ඔහු කොළඹ අයි ඩී එච් රෝහලට ඇතුලත් කර ඇත.
ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවු පිරිසෙන් අයෙකුටද වෛරසය ආසාදනය වී තිඛේ. වයස අවුරුදු 37 වන ඔහු දැනට පොළොන්නරුව රෝහලේ ප්‍රථිකාර ලබයි.
වෛරසය ආසාදනය වු අනෙක් තැනැත්තා වයස අවුරුදු 43 ක පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහුද ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවු පුද්ගලයෙක් වේ.
ඔහු කොළඹ අයි ඩී එච් රෝහලට ඇතුලත් කර තිඛෙනවා. ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා වෛරසය ආසාදනය පුද්ගලයින් සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ ගොස් තිඛේ
