රු. දෙලක්ෂ හැත්තෑ දහසක් වටිනා රන් භාණ්ඩ සොකරම් කළ අයෙක් අත්අඩංගුවට
මන්නාරම පල්ලිමුන නැගෙනහිර ප්‍රදේශයේ නිවසකින් රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක් වටිනා රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක් වූ පල්ලිමුන ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බවයි.
සැකකරු අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.