News

මෙරට කොරෝනා ආසාදිතයින් 7 දක්වා ඉහළට

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරයි.

මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී එතුමිය මේ බව සදහන් කරයි.

ඊයේ(13) වන විට කොරෝනා වෛරසය ආසාදිතයින් 5දෙනෙක් වාර්ථා තිබූ අතර අද(14) අලුතින් කොරෝනා ආසාදින පුද්ගලයින් දෙදෙනෙක් සොයාගෙන ඇත.

ඔවුන් ඉතාලියේ සිට මෙරටට පැමිණි පැමිණි පුද්ගලයින් වන අතර එක් පුද්ගලයෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටි 44 වයසැති පුද්ගලයෙකි.

ඔහු මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්ක මහ රෝහලේ ප්‍රතිකර ලබමින් සිටියි.

අනෙක් පුද්ගලයා 43 හැවිරිදි නාත්තන්ඩිය ප්‍රදේශයේ පුද්ගලයෙක් වන අතර ඔහු මේ වන විට කුරුණෑගල පළාත් මහ රෝහලේ පර්තිකාර ලබමින් සිටියි.