ගසක් කඩා වැටීමෙන් – හැටන් නුවරඑළිය මාර්ගය අවහිරවෙයි Photos
තලවාකැලේ -නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මල්ලි අප්පුව ප්‍රදේශයේ මාර්ගය පසෙක කුඩා ඝණ දෙවි කෝවිලක් අසල පිහිටි නුග ගසක කොටසක් අද (22) අළුයම 05.00 ට පමණ ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා පැමිණ ඇති බව තලවාකැලේ පොලීසිය පවසයි.
වසර 200 කට වඩා පැරණි මෙම නුග ගසේ කොටසක් කඩා වැටීමෙන් කෝවිලටද හානි සිදුව තිබේ. ගස මෙහිදී විදුලි රැහැන් පද්ධතියකටද හානි සිදුව ඇති නිසා ප්‍රදේශයේ විදුලි සැපයුමද අද අළුයම සිට විසන්ධි වී ඇත.
ගස කඩා වැටීමෙන් අවහිර වී ඇති මාර්ගයේ සැහැල්ලු වාහන අසීරුවෙන් ගමන් කරන අතර තලවාකැලේ හා ලිඳුල පොලීසිවල නිලධාරීන් ඒකාබද්ධව ගස කපා ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටිති.