News

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සොයා ගැනේ

නමවන සහ දහවන කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකික රෝගීන් තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඉන් එක් අයෙක් ඖරුදු 56ක කාන්තාවකි.

ඇය ඉතාලියේ සිට මෙම මස 07 වන දින මෙරටට පැමිණ ඇත.

මේ වන විට ඇය අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අනෙක් පුද්ගලයා අවුරුදු 17ක ගැහැණු ලමයෙකි.

ඇය කලින් තහවුරු කරගත් කොරෝනා ආසාදිත රෝගියෙකුගේ ඥාතියෙකු වන බව තහවුරු කර ගනි.