ඉතාලියේ සිට ආ නිරෝධායනය නොවු පිරිස් නිරෝධායනට පියවර
මාර්තු පලමුවනදා සිට 9 වනදා දක්වා ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධනය නොවූ පුද්ගලයින් හදුනාගෙන ඔවුන් නිරෝධනය කිරීමට පියවර ගන්න බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හා පාලනය සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ “කොරෝනා ඇත්ත සහ බොරුව” ඒකාබද්ධ රූපවාහිනි සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය
