News

හෙට නිවාඩු වුණත් අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මකයි

රජයේ සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙස හෙට දිනය ප්‍රකාශයට පත් කළ ද අත්‍යවශය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යන බව රජය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සෞඛ්‍ය සේවා හා අත්‍යවශ්‍ය සේවා හෙට ක්‍රියාත්මක බවයි.

එමෙන්ම තොග සහ සිල්ලර වෙළඳසැල් හෙට විවෘත තබන ලෙස රජය වෙළෙදුන්ට දැනුම් දෙයි.