News

කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 6500 ඉක්මවයි

නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා අද (16) පස්වරුව වන විට මියගොස් ඇති සංඛ්‍යාව 6521 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් වැඩිවශයෙන් මියගොස් ඇත්තේ චීනය සහ ඉතාලිය යන රටවලයි.

චීනය තුළ පමණක් පුද්ගලයින් 3213ක් මේ වන විට මියගොස් ඇති අතර, ඉතාලිය පුද්ගලයින් 1809 දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (15) දිනය තුළ පමණක් ඉතාලියෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 368ක් වේ.

ලොව රටවල් 157ක් පුරා මේ වන විට කොරෝනා වෛරසය පැතිරී ගොස් ඇති අතර, මෙම වෛරසය ආසාදනය වූ මුළු රෝගීන් සංඛ්‍යාව 169,915ක් වේ.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 18කිි.