News

ග්‍රහලෝකාගාරය හෙට සිට තාවකාලිකව වසා තැබේ

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට (17) දින සිට තාවකාලිකව වසා තබන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂක කේ. අරුණු ප්‍රභා පෙරේරා මහත්මිය දැනුම් දෙයි.

කොරෝනා (Covid-19) වෛරසය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත බව ඇය ප්‍රකාශ කළේය.