පා.ම. වසන්ත සේනානායක ගැන හර්ෂගෙන් ට්විටර් සටහනක්
වත්මන් ආණ්ඩුව සතුව බහුතරය නොමැති බව පවසමින් අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක ඊයේ (21) පැවති කැබිනට් රැස්වීමට සහභාගී වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය ට්විටර් ගිණුමේ සටහන් තබා තිබෙනවා.
වසන්ත සේනානායක මන්ත්‍රීවරයා යළි ආණ්ඩු පාර්ශ්වය සමග එක් වුවද, විපක්ෂය සතු බහුතරයට ඉන් බලපෑමක් සිදු නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දී ඇත්තේ.
එමෙන්ම නැවත එක්සත් ජාතික පක්ෂයට ඒමට උත්සාහ නොකරන ලෙසට ද සටහන් කර ඇති හර්ෂ ද සිල්වා වැඩිදුරටත් එම සටහන හරහා පවසා ඇත්තේ “අපිට ඔබව අවශ්‍ය නොමැති බව” යනුවෙනුයි.