ගින්දර සමග සටන් කළ නොහැකියි –
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇති සියලු දෙනා පරීක්ෂාවට ලක් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ සියලු රටවලින් ඉල්ලීමක් කර තිඛේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩනම් ගෙබ්්‍රයේසස් මහතා පෙන්වා දෙන්නේ වෛරසය ආසාදනය වී ඇති බවට සැකකරන සියලු දෙනා නිරෝධායනයට ලක් කළ යුතු බවයි.
ගින්දර සමග අන්ධයන් ලෙස සටන් කළ නොහැකි බවයි ඔහුගේ මතය වී ඇත්තේ.
නව කොරෝනා වෛරසය ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කළේ.
