News

මාර්තු 1-15 කාලයේ ලංකාවට ආව අය වහාම ලියාපදිංචි වන්න

මාර්තු මස 01 දින සිට 15වන් දින දක්වා කාලය අතර යුරෝපය,ඉරානය හා දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඉහත කාලය තුළ ලංකාවට පැමිණි අයෙක් නම් 119 පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා වහාම ලියාපදිංචි වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දන්වා සිටී.

නියෝගයට පටහැනිව කටයුතු කරන සියලු දෙනාට නිරෝධායන නිතීන් යටතේ අධිකරන ක්‍රියාමාර්ග ගනු ලබන බව ද ආරක්ෂක අමාත්‍යංශය විසින් වැඩිදුරටත් නිවේදනය කර තිබේ.