කොරෝනා නිසා ටජ්මහල් ප්‍රාසාදය වසා දැමේ
කොරෝනා (COVID-19) වෛරසය ව්‍යාප්තවීම අවම කිරීම සදහා ඉන්දීය රජය විසින් ඓතිහාසික ටජ්මහල් ප්‍රාසාදය වසා දැමීමට කටයුතු කර තිබේ.
එක් දිනකට දසදහසකට ආසන්න සංඛ්‍යාව ටජ්මහල් ප්‍රාසාදය නැරඹීමට පැමිණෙන බැවින් එය වසා දැමීමට මෙලෙස ඉන්දීය රජය පියවර ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ටජ්මහල් ප්‍රාසාදය ඇතුළුව ඉන්දියාවේ තවත් වැදගත් කෞතුකාගාර, ස්මාරක සහ ඓතිහාසික ගොඩනැගිලි ආදිය නැරඹීම මාර්තු මස 31 වැනි දින දක්වා නවතා දමා තිබේ.
කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාවේ මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර, තවත් 129දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවෙති.
