ප්‍රදේශ කිහිපයකට මි.මී.50කට වැඩි තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලට අද පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 වැඩි තරමක් තද වැසි ද ඇති විය හැකි බවයි.
එමෙන්ම ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
