කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් නවතී
උද්ගතව ඇති කොරෝනා වෛරසය(Covid 19) අසාදනය ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන සේවාවන් මාර්තු මස 31 වන දින දක්වා අත්හිටුවීමට තීරණය කර ඇත.
සේවක අර්ථසාධක අරමුදල් සාමාන්‍ය අයදුම්පත් භාර ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් 30% ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීම, සේවක අර්ථසාධක අරමුදල් නිවාස ණය අයදුම්පත් භාර ගැනීම ඒ අනුව අත්හිටුවා ඇත.
කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි.
