News

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ සියලු විභාග කල්දමයි

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් මාර්තු හා අප්‍රේල් මාසයන් හී පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලු කාර්යක්ෂමතා කඩඉම් විභාග කල් දැමීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (විභාග) ඒ.එල් බස්නායක මහතා දැනුම් දෙයි.

එම විභාගයන් පවත්වන දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

රට තුළ පවතින පවතින හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ඔවුන් එම තීරණ්ය ගෙන ඇත.