News

හෙරොයින් ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට

පෑලියගොඩ, කිරිබත්ගොඩ, කැළණිය, බියගම ප්‍රදේශවලට හෙරොයින් සැපයූ ගනේමුල්ල සංජීව නමැති අපරාධකරුගේ ගෝලයින් දෙදෙනෙකු පෑලියගොඩ දූෂණ මර්ධන ඒකකය විසින් ඊයේ (17) අත්අඩංගුවට ‌ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 99 මිලිග්‍රෑම් 460ක් සහ හෙරොයින් ජාවාරම් තුළින් උපයාගත් බවට සැකකෙරෙන මුදල් රුපියල් ලක්ෂ තුනක්ද සොයාගත් බව පොලීසිය පවසයි.

ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ සිට ජංගම දුරකථන උපයෝගී කොටගෙන මෙම ජාවාරම් මෙහෙයවා ඇති බව විමර්ශන වලදී හෙළිවී තිබේ.

බන්ධනාගාරය තුළ සිට ඊෂි කෑෂ් මගින් ගනුදෙනු සිදුකොට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට හෙරොයින් බෙදාහරිනු ලබන ස්ථානය දැනුම් දෙයි.

ඉන් අනතුරුව සැකකරුවන් අදාළ ස්ථානයට හෙරොයින් ප්‍රවාහනය සිදු කරයි.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු මනුෂ්‍ය ඝාතන චෝදනාවකට බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙකු බව විමර්ශන වලදී වැඩිදුරටත් කරුණු අනාවරණය වී තිබේ.

පෑලියගොඩ දූෂණ මර්ධන අංශ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සංජීව දසනායක, පොලිස් සැරයන් බටුවත්ත (13215), පොලිස් කොස්තාපල් සදරුවන් (69864), ප්‍රියරංජන (73198), ධර්මරත්න (92488) ඉදිරි විමර්ශන සිදුකරයි.

හේමන්ත ලියනපතිරණ