News

මහවිරු සැමරුම් වෙනුවෙන් බාධා කිරීමට හැකියාවක් නැති බව ශිවාජිලිංගම් පවසයි.

යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සැමරීමේ වැඩසටහන් පැවැත්වීමට කිසිවෙකුටත් බාධා කිරීමට අයිතියක් නොමැති බව උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පවසයි.

ශිවාජිලිංගම් මහතා පැවසූවේ යුද්ධයෙන් මියගිය තමන්ගේ ඥාතීන් සිහි කිරීමට විරුද්ධව පොලිසිය හෝ කිසියම් ආරක්ෂක අංශ විසින් බාධා එල්ල කිරීම සාදාචාරත්මක නොවන බවයි.

කෝපායි පොලිසිය විසින් උතුරේ යුද්ධයෙන් මියගිය ඥාතීන් සැමරුම් වැඩසටහන් පැවැත්වීම හා යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් තමන් ඥාතීන් සැමරීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත සැමරුම් වැඩසටහනක් නවතා දැමීමට සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම එලෙස පැවසුවේය.
උතුරේ හෝ වේවා දකුණේ හෝ වේවා යුද්ධයෙන් හෝ වෙනත් කුමන ක්‍රියාවක් මගින් ජිවිතක්ෂයට පත්වූවන් සැමරීමට බාධා කිරීමට කිසිවෙකුටත් සදාචාරත්මක අයිතියක් නොමැති බව හිටපු මන්ත්‍රීවරයා සදහන් කළේය.

ශිවාජිලිංගම් මහතා පැවසූවේ කුමන ආරක්ෂක අංශ විරුද්ධ වුවද සිවිල් ජනතාවගේ හැගීම් නැවැත්වීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව තමන් විශ්වාස කරන බවයි.

උතුරේ ජනතාව කුමන බාධක පැමිණියද තමන්ගේ ඥාතීන් සිහි කිරීමේ වැඩසටහන් අත්නොහරිනු ඇති බවද ශිවාජිලිංගම් මහතා සදහන් කළේය. යාපනය විශ්ව විද්‍යාල සිසුන් නොවැම්බර් 27 වැනිදා හා ආසන්න දිනක පැවැත්වීමට නියමිත සැමරුම් වැඩසටහනක් නැවැත්වීමට අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙසට කෝපායි පොලිසිය යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීම් කොට ඇති අතර, අධිකරණය පොලිසිය වෙත එහිදි පැවසූවේ ඒ සම්බන්ධයෙන් වන චෝදනාවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන ලෙසයි.