News

විජයකලා එ.ජා.ප.යෙන් නාමයෝජනා භාරදෙයි

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ යාපනය මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා තරඟ කරන අපේක්ෂකයින්ගේ නාමයෝජනා අද (18) යාපනය දිස්ත්‍රික් ලේකම් භාරදීම සිදුකෙරිණ.

යාපනය එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකළා මහේෂ්වරන් මහත්මිය විසින් යාපනය මැතිවරණ තේරීම්භාර නිලධාරී කනපතිපිල්ලේ මහේෂන් මහතා වෙත භාර දෙනු ලැබීය.

නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් මහේශ්වරන් මහත්මියගෙන් සිදුකළ විමසීමකදී පැවසුවේ තමන් අලියා ලකුණෙන් තරඟ කරන අතර, සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමඟි ජන බලවේගය වෙනුවෙන් යාපනයෙන් කවුරුන් තරඟ කරනවාදැයි නොදන්නා බවයි.

තමන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහණය කිරීම වෙනුවෙන් කැපවන බවද මහේශ්වරන් මහත්මිය පැවසුවාය.

යාපනය මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කරන අපේක්ෂකයින් මෙසේය,
01 – විජයකලා මහේෂ්වරන් (කණ්ඩායම් නායක)
02 – වර්ධරාජා තන්ගගෝබි.
03- කුමාරු සර්වනනාදන් .
04 – රාසරත්නම් ශ්‍රී තමෝසරාසා.
05- විනයාලමූර්ති සගාදේවන්.
06- මුත්තුකුමරේස්වරී නිරුපරන්.
07 – රාසරත්තිනම් ගෝවේරිදාසන්.
08 – සින්නයියා මහේන්ද්‍රන්.
09 – කන්දයියා පරමනන්දරාසා.
10 – අමීර් කම්ෂා මොහොමඩ් අෂාර්.