News

කල්ඉකුත් වූ රියදුරු සහ ආදායම් බලපත්‍ර වලට පොලීසියෙන් සහනයක්

රජය විසින් ලබාදී ඇති නිවාඩු හේතුවෙන් කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර සහ කල් ඉකුත් වූ රථවාහන ආදායම් බලපත්‍ර සම්බන්ධයෙන් සහනදායීව කටයුතු කරන ලෙසට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (18) විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වළකාලීම සදහා රජය විසින් ලබාදී ඇති නිවාඩු හේතුවෙන් මේ දිනවල කල්ඉකුත් වූ රියදුරු බලපත්‍ර සහ කල් ඉකුත් වූ ආදායම් බලපත්‍ර අලුත් කිරීම් සිදුනොකෙරනු ඇති.

එම බලපත්‍ර නැවත නිකුත් කරන ‌තත්ත්වයක් ඇති වී එය යථාවක් වන තුරු පොලීසිය එවැනි කාරණා සම්බන්ධයෙන් සහනදායීව කටයුතු කරන ලෙසට සියලුම පොලිස් ස්ථානවලට දැනුවත් කිරීම් සිදුකර තිබේ.