ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් කොරෝනා මරණ 475ක්
ගතවූ පැය 24ක කාලය තුළ කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වූ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැය 24ක් තුළ ඉතාලියෙන් මරණ 475ක් වාර්තා වූ බවයි.
මේ වන විට කොරෝනා වෛරසයෙන් ඉතාලියෙන් පමණක් පුද්ගල මරණ 2978ක් වාර්තා වේ.
ලොව පුරා මේ වන විට මියගිය සංඛ්‍යාව 8965ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
